මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත (MMDA) ප්‍රතිසංස්කරණය: අප දැන් සිටින්නේ කොතැනද?

මීට වසරකට පෙර, එනම් 2019 අගෝස්තු 22 වන දින එවකට මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය විසින්, මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේද සම්බන්ධීකරණය සහිතව, සභාගත කරන ලද මුස්ලිම් විවාහ හා දික්කසාද පනත (MMDA) සඳහා වූ ප්‍රතිසංස්කරණ නිර්දේශ මාලාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී. කෙසේ වෙතත්, එයින් වසරක් ගතවූ පසුවත් එම ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රගතියක් දක්නට නොලැබුණි. එම වසරද MMDA යටතේ මුස්ලිම් කාන්තාවන් වෙනස් කොට සලකනු ලැබූ සහ අයුක්තියට ලක් වූ මෙන්ම සමහර අවස්ථාවන් හිදී ප්‍රචණ්ඩත්වට ද ලක්වූ තවත් එක් වසරක් විය.

ශ්‍රී ලංකාවේ MMDA සහ ක්වාසි අධිකරණ පද්ධතියෙහි පවතින ගැටලු සහ අභියෝගයන් සියල්ලන්ටම හොඳින් පැහැදිලි අතර ඒවා දීර්ඝ වශයෙන් වාර්තාගත කර ඇත. 1951 දී බලාත්මක වූ දින සිට, ක්වාසි උසාවි ක්‍රමය සහ MMDA යටතේ වන වෙනස් කොට සැලකීමේ විධිවිධානයන් හා ක්‍රියා පටිපාටි හේතුවෙන් සහ අයුක්ති සහගත ක්‍රියාවන්ගෙන් වැඩිපුරම පීඩාවට පත්ව ඇත්තේ මුස්ලිම් කාන්තාවන් බව අවිවාදයෙන් පිළිගත යුතුවේ. MMDA විසින් මුස්ලිම් කාන්තාවන් සහ ළමයින් දෙවන පන්තියේ පුරවැසියන් බවට පත් කර ඇත.

කැබිනට් මණ්ඩලය විසින් යෝජිත සංශෝධන අනුමත කිරීම දක්වා වූ සිදුවීම් නැවත ආවර්ජනය

2019 අපේ‍්‍රල් මාසයේ සිදු වූ ඛේදජනක පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව මුස්ලිම් ප‍්‍රජාව කෙරෙහි වැඩිඅවධානයක් යොමු වූ අතර, MMDA ප‍්‍රතිසංස්කරණ ගැන ඒ අවස්ථාවේ විශාල අවධානයක් ඇති විය. MMDA ප්‍රතිසංස්කරණය ඇතුළු බොහෝ ප්‍රතිසංස්කරණවලට සහාය දැක්වීමට මුස්ලිම් මන්ත්‍රීවරු පොර බැදූහ. 2019 ජූලි මාසයේදී මන්ත්‍රීවරුන් විසින් ප්‍රගතිශීලී කාරණා කිහිපයක් ඇතුළත් නිර්දේශ මාලාවක් ඉදිරිපත් කරන ලදී.

ගතානුගතික පිරිස් වෙතින් මුස්ලිම් මන්ත්‍රීවරුන් වෙත වහාම බලපෑම් එල්ල කරන ලදි. MPLRAG සහ අනෙකුත් මුස්ලිම් කාන්තා කණ්ඩායම් ප්‍රතිසංස්කරණ සැලසුම් කළ යුත්තේ එහි අරමුණු ඉටු කිරීම සඳහා බවට වූ ඔවුන්ගේ ස්ථාවරය නොවෙනස්ව පවත්වා ගෙන ගියහ. නිර්දේශයන් හුවමාරු කර ගෙන යම් එකඟතාවයකට පැමිනීම සඳහා මන්ත්‍රීවරු ගතානුගතික කණ්ඩායම් සහ සමහර ප්‍රගතිශීලී ආගමික විද්වතුන් සමඟ රැස්වීම් සංවිධානය කළහ.

බලාපොරොත්තු සුන් කරමින්, 2019 අගෝස්තු 6 වන දින එවකට මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය විසින් අධිකරණ අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලද අවසාන ලේඛනය, මුස්ලිම් කාන්තාවන්ගේ අවම විවාහ වයස සහ කාන්තා ක්වාසිස් වැනි ප්‍රධාන සමානාත්මතා ගැටළු සඳහා විසඳුම් ලබා දීමට උත්සහයක් ගෙන නෙතිබුනි. මෙම සංකේතාත්මක ප්‍රතිසංස්කරණ මගින් මුස්ලිම් කාන්තාවන්ට හා ළමයින්ට හෝ සමස්ථයක් ලෙස මුස්ලිම් ප්‍රජාවට යහපතක් නොසැලසෙන බව කාන්තා කණ්ඩායම් නැවත නැවතත් අවධාරණය කර සිටියහ.

MMDA ප්‍රතිසංස්කරණය පිළිබඳ කැබිනට් පත්‍රයෙන් මුස්ලිම් කාන්තාවන්ගේ සහ ළමුන්ගේ බලාපොරොත්තු සුන් කර ඇත

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද නිර්දේශයන් වල කාන්තා කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන මෙන්ම ප්‍රතිසංස්කරණ පිළිබඳ උපදෙස් ලබා දීම සඳහා පත් කරන ලද 2009 කමිටුවේ නිල වාර්තාවේ ඇති (JSM report) සභාපතිගේ නිර්දේශයන් ද සැලකිය යුතු ලෙස අඩු කර තිබේ. වෙනත් කාරණා අතර යෝජිත සංශෝධනයන්, විවාහයේ අවම වයසට ව්‍යාතිරේකයන් සපයන ලද අතර, දික්කසාද සඳහා සමාන අයිතිවාසිකම්. ලබා දීම, බහු විවාහය අහෝසි කිරීම හෝ කාන්තාවන්ට ක්වාසිස්වරියන් වීමට ඉඩ දීම නිර්දේශ කර නොතිබුනු අතර ක්වාසි අධිකරණ වල ස්වභාවය හෝ ඒවා වැඩි දියුණු විය යුතු ප්‍රමිතිය පිළිබඳව ද නිශ්චිතව අදහසක් නොදක්වයි.

MMDA ප්‍රතිසංස්කරණය සඳහා ඇති වර්තමාන අභියෝග

මෙම ප්‍රතිසංස්කරණට විරුද්ධව, විශේෂයෙන් සමස්ත ලංකා ජමියාතුල් උලමා (ACJU) සංවිධානය සමඟ එක්වූ ගතානුගතික ප්‍රජා කණ්ඩායම් වල පීඩන හා තර්ජන පසුගිය වසර කිහිපය තුළ දක්නට ලැබිණි. මෙම පියවරයන් මූලික වශයෙන් සමානාත්මතාවය සහ යුක්තිය සහ මුස්ලිම් කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකම් පිළිබඳ මූලධර්මයන් අහෝසි කර දමන ලදි.

MMDA අහෝසි කරන ලෙස ඉල්ලා සිටින ජාතිකවාදී මුස්ලිම් විරෝධීන්ගේ ක්‍රියාවන්ද පසුගිය වසරේදී අපි දුටුවෙමු. ‘එක් නීතියක්, එක් රටක්’යන ප්‍රතිපත්තියක් ප්‍රවර්ධනය කළ මෙම අය, සුළු ජාතීන්හට පුළුල් පදනමක් සහිත හිමිකමක් නොමැති බව සාධාරණීකරණය කිරීම සහ සුළුතර ප්‍රජාවන්ගේ ආගමික හා සංස්කෘතික අයිතිවාසිකම් ප්‍රකාශ කිරීම සීමා කිරීම සඳහා, මුස්ලිම් කාන්තාවන්‌ෙග් අවශ්‍යතාවයන් භාවිත කරන බවක් පෙනෙන්නට තිබුණි. බහුතරවාදී සන්දර්භයක් තුළ ‘එක් නීතියක්’යන සංකල්පය සුළුතර අයිතිවාසිකම් සහ අවශ්‍යතාවයන් ධනාත්මකව පිළිගැනීමට උත්සාහ කළ යුතු බව වටහා ගැනීමට ඔවුන් අසමත් විය. එය මුස්ලිම් කාන්තාවන්ගේ අත්දැකීම් අවතැන් කළ තවත් හඬකි.
ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි සහ හිමිකම් අහිමි පුරවැසියන්, එනම් මෙම අවස්ථාවේදී, මුස්ලිම් කාන්තාවන් සහ දරුවන් නියෝජනය කිරීමේ කාර්යභාරය ඉටු කිරීමේදී මන්ත්‍රීවරුන් දැක්වූ නිහඬතාවය අඛණ්ඩවම පැවතින.

සෑම දිනකම මුස්ලිම් කාන්තාවන්ගේ හා දරුවන්ගේ ජීවිතවලට දිගින් දිගටම බලපාන දුක්ගැනවිලි විසඳීමේ
දේශපාලන අධිෂ්ඨානය මුල සිටම දක්නට නොලැබුණි. මෙම බහුවිධ අභියෝග හමුවේ, MMDA හි ටිකෙන් ටික හෝ සංකේතාත්මකව සිදුවන ප්‍රතිසංස්කරණය නීති සම්පාදකයින් සඳහා ආකර්ෂක විකල්පයකි. කෙසේවෙතත්, ප්‍රතිසංස්කරණයේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට මෙසේ ටිකෙන් ටික සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ අසමත් වන බවත්, මර්දනකාරී ක්‍රමයක් හේතුවෙන් මුස්ලිම් කාන්තාවන් සහ ළමයින් මෙන්ම, සමස්ථයක් ලෙස මුස්ලිම් ප්‍රජාවන්ද දිගින් දිගටම දුක් විඳිනු ඇති බවත් අපි නැවත
අවධාරණය කරමු.

අවශ්‍ය ප්‍රතිසංස්කරණ මොනවාද? 

MMDA ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන පරමාර්ථය වන්නේ මුස්ලිම් කාන්තාවන්ගේ හා දරුවන්ගේ ජීවිත වැඩිදියුණු කිරීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවන්ගේ පවුල්වල ජීවිත වැඩිදියුණු කිරීමයි. MMDA පුළුල් ලෙස ප්‍රතිසංස්කරණය කළ යුතුය. ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ට සාධාරණය ඉටු කිරීම සඳහා වෙනත් ක්‍රමයක් නොමැත. එබැවින්, 2009 MMDA ප්‍රතිසංස්කරණ කමිටුව විසින් යෝජනා කරන ලද නිර්දේශයන් ආරම්භක ස්ථානයක් ලෙස ගෙන සියලු අඩු පාඩු අර්ථවත් ලෙස ආමන්ත්‍රණය කිරීම සහතික කිරීම සඳහා එය වැඩිදියුණු කළ යුතුය.

ප්‍රතිසංස්කරණ ප්‍රමුඛතා පහත පරිදි වේ:

  1. ළමා විවාහය – සියලු මුස්ලිම්වරුන්ගේ අවම විවාහ වයස කිසිදු ව්‍යාතිරේකයකින් තොරව අවුරුදු 18 ක් විය යුතුය.
  2. කාන්තා ක්වාසිස්වරුන් – කාන්තාවන් ක්වාසිස්වරුන්, ක්වාසිස් මණ්ඩලයේ සාමාජිකයන්, විවාහ
    රෙජිස්ට්‍රාර්වරුන් සහජූරි සභිකයන් ලෙස පත් වීමට සුදුසුකම් ලැබිය යුතුය.
  3. සියල්ලන්ට එකහා සමානා ලෙස ක්‍රියාක්මක වීම – නිකාය හෝ මාධබ් (ඉස්ලාමීය නීති විද්‍යාව) පදනම්
    කරගනිමින් ඇතැම් පුද්ගලයන්ට අවාසි නොවන පරිදි MMDA සියලු මුස්ලිම්වරුන්ට සමාන ලෙස අදාළ විය යුතුය.
  4. මනාලියගේ කැමැත්ත සහ ස්වාධිකාරය – සියලුම නිල විවාහ ලියකියවිලි වල මනාලිය හා මනාලයාගේ අත්සන හෝ ඇඟිලි සලකුණු අනිවාර්ය වේ. වැඩිහිටි මුස්ලිම් කාන්තාවන්ට සමාන ස්වයධිකාරයක් හිමිවන අතර විවාහයකට එළඹීමට කිසිදු පිරිමි ඥාතියෙකුගේ හෝ ක්වාසිවරයෙකුගේ ‘අවසරය’ අවශ්‍ය නොවේ.
  5. ලියාපදිංචිය – විවාහය නීත්‍යානුකූලව වලංගු කිරීම සඳහා අනිවාර්ය ලියාපදිංචිය අවශ්‍ය වේ.
  6. විවාහ ගිවිසුම් – අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ වෙනත් කොන්දේසි අතර ඒක විවාහය තෝරා ගත හැකි වන පරිදි විවාහයට පෙර මුස්ලිම් යුවළ විසින් එළඹීමට නියමිත විවාහ ගිවිසුම පිළිබඳ සංකල්පය හඳුන්වා දීම, හඳුනා ගැනීම සහ පහසුකම් සැපයීම.
  7. දෑවැද්ද – දෑවද්ද / කයිකුලි අහෝසි කළ යුතුය – නැතහොත්, අවම කළ යුතුය, විශ්වාසභාරය මත ලබා දී ඇති චංචල හා නිශ්චල දේපල පිළිබඳ තොරතුරු සටහන් කිරීම අනිවාර්ය විය යුතු අතර විවාහය විසුරුවා හරින්නේ නම් ඒවා නැවත ලබා ගත හැකි විය යුතුය.
  8. බහු විවාහය – බහු විවාහය අහෝසි කළ යුතුය – නැතහොත්, අවම කළ යුතුය, බහු විවාහය සඳහා අවසර දෙනු ලබන්නේ සුවිශේෂී තත්වයන් යටතේ සහ නිශ්චිත කොන්දේසි යටතේ ය. එම කොන්දේසි නම්: මූල්‍ය හැකියාව, ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ කැමැත්ත සහ සාධාරණත්වය ඉටු වන බවට අධිකරණයේ අධීක්ෂණය යටතේය.
  9. දික්කසාදය – දික්කසාද වීමේ විධිවිධාන කාන්තාවන්ට හා පිරිමින්ට සමානව අදාළ විය යුතුය. තලාක් සහ ෆසා දික්කසාද ලබා ගැනීම සඳහා කොන්දේසි පැනවිය යුතුය. අභියාචනා ක්‍රියාවලිය ඇතුළුව ස්වාමිපුරුෂයා සහ භාර්යාව විසින් දික්කසාද කිරීම සඳහා පිළිපැදිය යුතු ක්‍රියා පටිපාටිය එක හා සමාන විය යුතුය. MMDA විවිධ ආකාරයේ දික්කසාදයන් හඳුනාගත යුතුය (අන්‍යෝන්‍ය එකඟතාවය සහිත දික්කසාදය ඇතුළුව), දික්කසාදය සඳහා හේතු සහ දික්කසාද වීමේ කාර්යක්ෂම ක්‍රියාවලියක් MMDA විසින් පාලනය කරනු ලබන සියලු දෙනාට අදාළ විය යුතුය.
  10. නඩත්තු සහ වන්දි ගෙවීම – කාන්තාවන් සහ ළමුන් සඳහා නඩත්තු ගෙවීම් තක්සේරු කිරීම / ගණනය කිරීම සඳහා MMDA විසින් නිශ්චිත මාර්ගෝපදේශ සැපයිය යුතුය. ස්වාමිපුරුෂයාගේ වරද තහවුරු වී ඇති අවස්ථාවල දී ස්වාමිපුරුෂයා විසින් බිරිඳට මාතා (වන්දි) ගෙවීම සඳහා MMDA විසින් අනිවාර්ය විධිවිධාන යෙදිය යුතුය.
  11. ක්වාසි අධිකරණ – කාන්තාවන්ට සහ පුරුෂයින්ට යුක්තිය සඳහා කාර්යක්ෂම ප්‍රවේශයක් සහතික කිරීම මෙන්ම ශක්තිමත් අධීක්ෂණ යාන්ත්‍රණයක් සහතික කරගැනීම සඳහා ක්වාසි අධිකරණ පද්ධතියේ ගුණාත්මකභාවය සහ ක්වාසිස්වරුන්ගේ සුදුසුකම් වැඩි දියුණු කිරීම.
  12. ක්වාසි අධිකරණ අධීක්ෂණය කිරීම – ක්වාසි අධිකරණ කටයුතු සහ වාර්තා විධිමත් ලෙස අධීක්ෂණය කිරීම සඳහා ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම.
  13. MMDA වෙතින් ඉවත් වීම සඳහා විකල්පයක් ලබා දීම – මුස්ලිම් යුවළ වලට අවශ්‍ය නම් සාමාන්‍ය විවාහ
    ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ (GMRO) විවාහ වීමට අවස්ථාව ලබා දීම.

Comments are closed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: